ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ඉමහත් කැප කිරීමක් කර තිබෙනවා

Share

අද (17) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කළේ,

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනපති බලතල සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන්න හැකි වුණා. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ඉමහත් කැප කිරීමක් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතින් හඳුන්වාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තුවට වගකියන විධායක ජනාධිපතිවරයකු නොවන ජනාධිපතිවරයෙකුගේ අවශ්‍යතාවය තියෙනවා. යම් කිසි මද තැනකට එන්න පුළුවන්. විධායක අගමැති කියන ආකල්පයක් ලෝකයේ තිබිලා නෑ. එක්සත් ජාතික පක්ෂය එකීය රාජ්‍ය ව්‍යුහය ආරක්ෂා කරන තැන සිටිනවා. බුදු දහම පිළිබඳ වගන්තිය එළෙසම තැබීම කියන ස්ථාවරයේ සිටිනවා. උත්සහ කළ යුතු වන්නේ ජනවාර්ගික සමඟිය ඇතිවන ඒකමතියක් ඇති කරගැනීමයි. උතුරේ නැඟෙනහිර සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි.

19  සංශෝධනය හරහා විගණන කොමිෂන් සභාවක් පත් කළා. මේ පිළිබඳව ප්‍රායෝගික විසඳුමකට යා යුතුයි.රජයක් හැටියට ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි විගණන පනත සම්මත කරගැනීමට. විගණකාධිපති දෙපාර්තමේන්තුව නවීකරණයට යන්න නම් අනෙක් ආයතනවලින් ඕසවා තැබිය යුතුයි. විශේෂඥතාවය සහිත පුද්ගලයන් බඳවා ගන්නත්, වැටුප් තලයක පිහිටුවන්නත් කටයුතු කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ නව පනත සම්මත කරගැනීම ජාතික ප්‍රමුඛතාවයක් ඇති කරුණක් ලෙස කටයුතු කළ යුතුයි. දූෂණ විරෝධී මහාධිකරණ ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය මෙම ප්‍රතිපත්තිය අනුමත කර තිබෙනවා. රටක් ලෙස පුරවැසියා ශක්තිමත් කර තිබෙනවා. රට හදන මාර්ගය තුළ විශාල අභියෝගයක් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News