සියලු ක්‍රීඩා සංචිත හමුදාව භාරයට ?

Share

සාෆ් ක්‍රීඩා තරගාවලියට යෑමට පෙර සියලුම අවසන් ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

මේ වනවිට වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ආරක්ෂක අංශ නියෝජනය කරමින් තරග කිරීම සහ හමුදාව තුළ සියලුම පහසුකම්, ආහාරපාන ලබාදීමේ හැකියාව මත ක්‍රීඩා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යෑමට ක්‍රීඩා අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (02දා) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,

“අපේ ආණ්ඩුවෙන් වියදම් කරන මුදල් හරි තැනක, හරි විදිහට විනයානුකුලව කරන්න බලාපොරොත්තු වෙනවා. යුද හමුදාපතිතුමා සමග සාකච්ඡා කරලා මේ වනවිට අපි තීරණය කර තිබෙනවා මින් ඉදිරියට අපේ සියලුම ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට පත් කරන්න.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සමග අවශ්‍ය පුහුණුවද යුද හමුදාවෙන් ලබාදෙනවා. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම් සහ ආහාරපාන ලබාදීමේදී බොහෝදුරට පැමිණිලි එනවා. එනිසා අපි මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යනවා,” යැයි පවසා සිටියේය.

ඉදිරි සතියේදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ යුද හමුදාව මේ වනවිට සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

Read more

Local News