අන්තවාදි දේශන ඇතුලත් CDතැටි 15ක් හමුවෙයි

Share

තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී. පට තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සී.ඩී. පට සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ගම්පොල කදවුරේ නිලධාරීන් විසින් සිදුකළ එම සෝදිසි මෙහෙයුමේදි තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී. පට 15 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

එම සී.ඩී. පට ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවලපිටිය පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

Read more

Local News