ඔස්ට්‍රේලියානු අගමැතිට බිත්තර ප්‍රහාරයක්

Share

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර එරට අගමැති ස්කොට් මොරිසන් බිත්තර ප්‍රහාරයකට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, අගමැතිවරයාගේ හිසෙහි වැදුණු බිත්තරය බිඳී නොතිබීම විශේෂත්වයක් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පවසයි.

මෙම සිද්ධියට අදාළව විරෝධතාවයේ යෙදුණු වැඩිහිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මෙසේ බිත්තරවලින් දමා ගැසීම බියගුළු ක්‍රියාවක් බව අගමැතිවරයා පවසා තිබේ.

කැන්බරා නුවරට ගිනිකොණ දෙසින් වූ ඇල්බරි ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර මෙම සිද්ධිය සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News