කිරි ඉබ්බෙකු සමඟ පුද්ගලයෙක් නවගත්තේගම දී අල්ලයි

Share

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කුලම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බදින කදන් හතරක්, ගංජා තොගයක්, නිර්පද්‍රිත කිරි ඉබ්බෙකු සමඟ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව අද(07) වන දින කල හදිසි වැටලීමකදී මෙම සැකකරු සොයා ගැනීමට හැකිව තිබේ.

අදාල සැකකරු ආණමඩුව, නවගත්තේගම, ගල්කුලම ප්‍රදේශයේ පදිංචිකාර 35 හැවිරිදි අයෙකු වෙයි.

මොහු දැනට වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙස රහසිගතව බල පත්‍ර රහිත ගිනි අවි සහ බදින තුවක්කු ආධාරයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත පිහිටි කැලෑ ප්‍රදේශවල සැරි සරන ගෝනුන්, මුවන්, වල් ඌරන්, වැනි සතුන් මරා
මස් හොර රහසේ අලෙවි කරන ජාවාරමක නිරතව ඇති බව පොලිසිය කල විමර්ශණයකදී අනාවරණව වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු අද ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවගත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News