බුර්කාවක් හැඳි කාන්තාවක් පුපුරණ ද්‍රව්‍යක් අතැතිව ගන්දරින් හමුවෙයි

Share

මාතර – දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳපොලට යාබද පාලම යට බුර්කාවක් හැඳි කාන්තාවක් පුපුරණ ද්‍රව්‍යයක් අතැතිව සිටින ආකාර දැක්වෙන සිතුවමක් පිළිබඳව ගන්දර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මිනිසුන් නිතර ගැවසෙන ප්‍රදේශයක මෙවැනි සිතුවමක් ඇඳ ඇත්තේ කවුරුන්ද යන්න ප්‍රදේශවාසීන්ට පවා ගැටළුවක් වී තිබේ.

කෙසේ වෙතත් ඉතා අපූරු ලෙස නිර්මාණය කර ඇති මෙම සිතුවම සැබවින්ම කලාත්මක ස්වරූපයක් ගනී.

මේ පිළිබඳ අදහස් දක්වමින් පුද්ගලයෙක් පවසා සිටියේ මෙවැනි දෙයක් දහවල් කාලයේ සිදු කිරීම අපහසු බැවින් නිසැකයෙන්ම රාත්‍රී කාලයේ සිදු කරන්නට ඇති බවයි.

දහවල් කාලයේ ගම්වැසියන් නිරන්තරයෙන් පාලම හරහා යන බැවින් සිතුවම අඳින අය හඳුනා ගන්නට හැකියාව තිබු බව ද පැවසු ඔහු කිසිවෙකුට මෙය සිදු කර ආකාරය සිතා ගත නොහැකි බව ද පැවසීය.

නමුත් එම සිතුවම එක් රාත්‍රියක් තුළ ඇඳ නිම කලා යැයි සීතිම ද තරමක් අපහසු කරුණකි.

ගන්දර පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදු කරයි.

Read more

Local News