භික්ෂුන් වහන්සේලා පිරිසක් දේව්මැදුරේ නීරීක්ෂණ චාරිකාවක

Share

පුජ්‍ය බද්දේගම සමිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ 49දෙනෙක් අද(08) කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේව්මැදුරේ නීරීක්ෂණ චාරිකාවක නිරත වුණි.

අනතුරුව භික්ෂුන් වහන්සේලා විසින් දේව්මැදුරේ පවිත්‍ර කිරීමේ කටයුතු වලද නිරත වුණි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් හානියට පත් වු කටුවපිටිය දේවස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 03දා ආරම්භ කෙරුණි.

කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධව සිදුකෙරෙන සිදු කෙරෙන අතර ඔවුන්ට සහයවීම සඳහා අද දින පුජ්‍ය බද්දේගම සමිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා සභාගි විය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බැතුමතුන්ට පැමිණීමට ඊයේ ප්‍රථම වතාවට අවස්ථාව උදා වුණා.

මේ අතර නාවික හමුදාව විසින් දේවස්ථානයේ සියළු ආරක්ෂක කටයුතු සලසා තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ යාඥා කිරීමට බැතිමතුන්ට ඊයේ(07) ප්‍රථම වතාවට අවස්ථාව හිමිවුණි.

ඒ අනුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දකුණු පස එක් කොටසක් බැතිමතුන්ට යාඥා කිරීම සඳහා විවෘත කළේය.

ඊයේ උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා බැතිමතුන්ට එහි යාඥා කිරීම සඳහා අවස්ථාව උදා වුණි.

එසේම නාවික හමුදාව විසින් දේවස්ථානය අවට දැඩි ආරක්ෂවක් ලබා දි ඇති ආකාරයද ඊයේ දින දක්නට ලැබුණි.

Read more

Local News