රුසියා Aeroflot ගුවන් සේවය ලංකාවට එන්නේ නෑ

Share

රුසියා ජාතික ගුවන් සේවය වන Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කොළඹ හා ඉන්දුනීසියාවේ බාලි වෙත සිදුකළ මෙහෙයුම් මාස  දෙකක පමණ කාලයක් නවතා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව මැයි 11 දා සිට ජුලි දක්වා ඔවුන් මොස්කව් සිට කොළඹට හා ඉන්දුනීසියාවේ බාලි දක්වා ගුවන් ගමන් සිදුනොකරන බව රුසියා මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු විදේශ අමාත්‍යාංශය හා රුසියානු සංචාරක සේවාව කළ ඉල්ලීමක් අනුව ලංකාවට ගුවන් ගමන් නවතා දමා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ සංචාරක කාල සීමාව අවසන්ව ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් රුසියාව විසින් එරට ගුවන් සේවා වලට හෝ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර නොමැත.

Read more

Local News