අගමැති, අස්ගිරි මහනාහිමිවරු බැහැ දකි

Share

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් හා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු උන්වහන්සේලා සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක නිරත වූයේය.

මල්වතු මහ විහාරයට පැමිණි අගමැතිවරයා එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර පසුව රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයත් රටේ ආර්ථික හා දේශපාලන කරුණුත් සම්බන්ධව මහනාහිමිවරු සමඟ සාකච්ඡා කර තිබෙන අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධවද උන්වහන්සේලා දැනුවත් කර තිබේ.

Read more

Local News