ගාල්ලේ මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන්න දුන්නේ නැද්ද ?

Share

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා හෝ අවලංගු නොකරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

මීට පෙර සැලසුම් කළ පරිදි වෙසක් උත්සවය හික්කඩුව, තොටගමුව රන්පත් විහාරයේදී පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික වෙසක්දින උත්සවය සංවිධානය කිරීම සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

”ගාල්ල දිස්ත්‍රික්කයට ජාතික වෙසක් උත්සවය පවත්වන්න අවස්ථාව ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට. අපි ඒ සඳහා මාස ගණනක සිට සූදානම්ව සිටිනවා. ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා ආරක්ෂාව පිළිබඳ තහවුරු කර තිබෙනවා. ජාතික වෙසක් උත්සවය පවත්වන හික්කඩුව තොටගමුව රත්පත් රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිම බාධාවකින් තොරව සිදුකෙරෙනවා.

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් කෝටි ගණනක සංවර්ධන කටයුතු එම විහාරස්ථානය මුල්කරගෙන සිදුකරනවා. කිසිම හේතුවක් නිසා ජාතික වෙසක් දින උත්සවය පැවැත්වීම නවත්වන්නේ නැහැ. ඉදිකිරීම්, සැරසිලි කටයුතු දැනටමත් කරනවා. මෙම ජාතික වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය පුරාමත්, සමස්ත ශ්‍රී ලංකාවේමත් වෙසක් සැමරීම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට අපි කටයුතු යොදනවා. රජයක් ලෙස ඊට අවශ්‍ය ආරක්ෂාවලබාදීමටකටයුතුකරතිබෙනවා.

ඇතැම් වෛරී දේශපාලනයේ යෙදෙන අය අසත්‍ය ප්‍රචාරකරගෙනයනවා. ගාල්ලේ ඉස්ලාම් පල්ලි පරීක්ෂා කළේ නැහැ කියනවා. පරීක්ෂා කිරීම්වලට අපි ඉඩ දුන්නේ නැහැ කියා කියනවා. බෝම්බ ප්‍රහාරය සිදුවූ වහාම අපි ගාල්ලේ ආරක්ෂක කමිටුව කැඳවලා ගාල්ල දිස්ත්‍රික්කයේම තිබෙන සියලු මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන්න කියලා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා.”

Read more

Local News