කඩු තියා ගන්නේ ගෑණු දරුවන්ගේ ආරක්ෂාවටද ?

Share

මුස්ලිම් ජාතිකයින් කඩු ලඟ තබාගැනිම සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය හා අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කර සිටියේය.

මුස්ලිම් පල්ලි 1000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සෝදිසි මෙහෙයුම් යටතේ සෝදිසි කර ඇති බවත් ඒවාගේ කඩු තිබිලා තියෙන බව ද ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන් මහතා පැවසීය.

මේ බව ජනාධිපතිවරයා ද පවසා ඇති බවත් සිරිතකට මෙන් ඕනෑම ගෙදරක කඩුවක් තිබිය හැකි යැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සෑම ගෙදරකම සිටින ගැහුණු දරුවන්ගේ හා තමන්ගේ ආත්ම ආරක්ෂාවට මෙවැනි කඩුවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අත්අංඩගුවට ගැනීම සාධාරණ නොවන බව ද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි ද අමීන් මහතා මෙහිදී වැඩිදුරත් කියා සිටියේය.

කඩුවක් තියා ගෙන මුස්ලිම්වරු තවත් මොනයම් හෝ දෙයක් සිදු කිරීමට යනවා යන හැඟීම ඇති වීමට ඉඩ තිබූ බවත්, ඔහු මෙහිදී පැවසීය.

මේ අතර මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අදහස් දක්වමින් කියා සිටියේ, අවශ්‍ය නැති භීතිකාවක් ඇති වන තත්ත්වයක් ප්‍රවෘත්ති පළ වන ආකාරයට දෙස බැලීමේ දී පෙනී යන බව ද  කියා සිටියේය.

මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමන් අභ්‍යන්තරයේ මෙවැනි කුරීරු කල්ලියක් සිටීම පිළිබඳ කණගාටු වන අතර, මේ පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කල යුතු අතර එයට අවශ්‍ය සියලු දේ සිදු කරන බවත්, හකීම් මහතා මෙහිදී වැඩිදුරත් පැවසීය.

පිටස්තර හදිසි හස්තයක් ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වුයේ මාතෘ භූමිය අස්ථාවර කර විශාල පරිහානියක් සිදු කිරීමට බව ද පැවසු හකීම් මහතා, ඒ සඳහා කිසිදු ඉඩක් ලබා දිය යුතු නොවන බව ද කියා සිටියේය.

මේ අතර මොහොමඩ් සහරාන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් මෙම ත්‍රස්ත ක්‍රියාවලට පෙර  බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව කාත්තන්කුඩි මදිරියා ජුම්මා පල්ලියේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

Read more

Local News