අන්තවාදී අදහස් අන්තර්ජාලය මුදා හැරි මවුලවිවරයෙක් අත්අඩංගුවට

Share

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබූ වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ ඉස්ලාමීය දේවාස්ථානවල දේශනා පැවැත්වූ මවුලවිවරයෙකු ඊයේ (11) උදෑසන මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මුහයිදීන් කයි නැමැති 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

මොහු මක්කම වන්දනා කටයුතු සදහා පිරිස් රැගෙන යන වන්දනා නඩයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නෙකු බව අනාවරණය වී ඇත.

මක්කම වන්දනා කටයුතු සදහා ගොස් යළි ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැක සිට මෙසේ මොහුව අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මෙම මවුලවිවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී මේ මස (14)  දින තෙක්‍ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

Read more

Local News