සැකකරන අයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද(13) පෙරවරුවේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මහා නායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැ දුටුවේය.

එහිදී රටේ වත්මන් තත්ත්ව සම්බන්ධයෙන් අදහස් පළ විය.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මහා නායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් කියා සිටියේ, මැති ඇමතිවරු උදෑසන කාලයේ පැයක් හෝ පාසල් ආසන්නයේ ගොස් සිටියේ නම් දරුවන්ගේ හිතේ ඇති බිය තුරන් වන බවයි.

මෙම ත්‍රස්ථ ක්‍රියාව සිදු කරපු පිරිස අද වන විට රට නිෂ්ක්‍රීය කර සිනා සෙනු ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

තවමත් රටේ නායකයින් බෙදී ක්‍රියා කරන බවත්, එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජනතාව අසරණ වී ඇති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් කියා සිටියේය.

ඉතිහාසයේ කිසිදු කෙනෙක් ලංකාව සිංහල බෞද්ධ නොවන බවට ප්‍රකාශ කර නොමැති බවත්, කවුරුන් හෝ එවැනි දෙයක් පවසන්නේ නම් ඔවුන් කිසි විටෙකත් මේ රටට සුදුසු කෙනෙක් නොවන බවත් ධම්මාලාංකාර හිමියන් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ,  රජය විවිධ දේ පවසමින් බොහෝ දෙනා සැකකරන අයට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්ය.

Read more

Local News