බුර්කිනා රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්

Share

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයක් තුළ දේව මෙහෙයක් පැවැත්වෙන අතරතුර එල්ල වූ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයකින් දේවගැතිවරයෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට උතුරු ප්‍රදේශයේ වූ ඩබ්ලෝ නගරයේ දේවමෙහෙය පැවැත්වෙන අතරතුර කඩා වැදුණු ආයුද සන්නද්ධ ත්‍රස්තයන් දේවස්ථානයට ගිනිතබා පසුව එහි සිටි පිරිස් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී දේවස්ථානය තුළ සැලකිය යුතු පිරිසක් සිටි බවත්, ඔවුන් පළා යෑමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම විවෘත වෙඩි තැබීම සිදුකළ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, අල් කයිඩා සංවිධානයට, IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහ අන්සරුල් ඉස්ලාම් සන්නද්ධ සංවිධානයට සම්බන්ධ සටන්කරුවන් මෙම කලාපයේ සිටින බවත්, ඔවුන් ඉස්ලාම් දහමට විරුද්ධ පිරිස් ඝාතනය කරන බවත් නොරහසකි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයත් සමග ඩබ්ලෝ නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා ඇති බවත්, ජනතාව බියෙන් සන්ත්‍රාසයට පත්ව සිටින බවත් එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

විශේෂයෙන්ම පසුගිය 2016 සිට බුර්කිනා ෆාසෝ හි ජිහාඩ්වාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ අතර, ගතවූ සති 5 ඇතුළත එහි කතෝලික දේවස්ථානවලට එල්ල වූ 3 වැනි ප්‍රහාරය බවත්, මෙවර ඔවුන් අසල්වැසි කඩ සාප්පු සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයකටද ගිනි තබා ඇති බවත් ආරක්ෂක අංශ වැඩිදුරටත් තහවුරු කර තිබේ.

Read more

Local News