මුස්ලිම් අන්තවාදය නැති කරන්න පුළුවන් මුස්ලිම් නායකයින්ට

Share

මුස්ලිම් අන්තවාදය නැති කළ හැක්කේ මුස්ලිම් නායකයින්ට බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද(13) පෙරවරුවේ නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව සැමරුම උළෙලක්  නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ, වත්මන් ආණ්ඩුව මඟින් කිසි දිනක මේ රට ගෙනගිය නොහැකි බවත්, මෙය කළ හැකි අයෙකුට බාර දිය යුතු බවත්ය.

රට ආරක්ෂා කිරීමට දෑත දිගු කර ඉදිරිපත් වන්නැයි ද උන්වහන්සේ හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙවන් මොහොතක අන්තවාදී පිරිස වැඩි බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, අන්තවාදය නැති කිරීමට පියවර ගැනීම වගකීමක් බව ද පැවසීය.

ඒ සඳහා මුස්ලිම් ආගමික නායකයින් පියවර ගත යුතු බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනපති හා අගමැතිවරයා පවසන ආකාරයට ත්‍රස්ථවාදීන් ඇත්තේ 150ක් වුවත් තමා ඒ කීම ගැන එතරම් විශ්වාසයක් නොතියන බව ද සඳහන් කළේය.

උත්සවයෙන් අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර සිටියේය.

මංගල ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා ? යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, කාදිනල්තුමා ප්‍රකාශයක් කළා බෞද්ධ රටක් හේතුවෙන් වෙනත් ආගම්වලට යහතින් ඉන්න පුළුවන් බවයි. එනිසා අපි මංගල කියන දේද එසේත් නැතිනම් මංගල කියන දේ පිළිගත යුතුදැයි මෙහිදී රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියේය.

ආරක්ෂාව ගැන ස්ථිර වචනයක් නොමැති බවත්, අද වන විට දරුවන්ට පාසල් යන්න කිව්වත් ඉහළ නිලධාරීන්ගේ දරුවො පාසල් නොයන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

එනිසා විශ්වාසය බිඳ වැටී ඇති බවත් ඉතිහාසයේ කිසි දිනක නොමැති ආකාරයට සියලු ජාතීන් අද බියෙන් ජිවත් වන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read more

Local News