ගම්මන්පිල හෙළිදරව්වක් කරයි

Share

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම , බුර්කාව තහනම් කිරීම , රටම පොදු විවාහ නීතියකට යටත්කිරීම ඇතුළුව ඉස්ලාම් අන්තවාදය පරාජයකිරීම සඳහා වන යෝජනා 12 ක් විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවකදී අනාවරණ කළේය.

එයට එක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ ආණ්ඩුව අද වන විට ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් සමච්චලයට ලක්කර , චූදිතයින් සනසමින් සිටින බවයි.

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා මේ බව පැවසීය.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විරුද්ධව චෝදනා එල්ල වුවද මේ වන තෙක් කටඋත්තරයක් නොගත් බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

කාදිනල් හිමිපානන් මෙරට සිංහල බෞද්ධ රටක් යැයි පැවසුවද මංගල සමරවීර අමාත්‍යවරයා එය පිලිගැනීමට අකමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව කාදිනල් හිමියන්ට වැටහෙන කරුණ මුදල් ඇමතිට තේරෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ රිෂාඩ් බදියුදීන් අසාද් සාලි වැනි පිරිසගේ සහය ලබා නොගන්නා ලෙසට විපක්ෂයටද පවසන බවත් ඔවුන්ගේ සහය ලබා ගන්නේ නම් තමන් විපක්ෂයෙන් ඉවත් වන බවත්ය.

Read more

Local News