නිවසක ඇති වු ගින්නකින් දසසිල් මාතාවක් ජීවිතක්ෂයට

Share

අම්බලන්ගොඩ ආදාදොල 4වන පටුමගේ නිවසක ඇතිවු ගිනි ගැනිමකින් දසසිල් මාතාවක් නිදාසිටි ඇඳ පිළිස්සිමෙන් දසසිල් මාතාව මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වසර 25ක් පමණ දස සිල් ලබා වාද්දුව මොරොක්තුඩුව සුභද්ද්‍රාරාමයේ සිටි වතුගෙදර සුසින්තා (73) දසසිල් මාතාවය. වසර 5 ක් පමන ඇය සතු මෙම නිවසේ ජිවත් වු බව ඥාතින් පැවසිය.

ඊයේ (13) රාත්‍රියේ පිපිරිමක හඬ ඇසි අසල්වාසින් සොදිසි කිරිමේ දී දැක ඇත්තෙ දසසිල් මාතාව පදිංචි නිවස ගිනිගෙන ඇති බවයි.

ඒ අනුව අසල්වාසින් හා ඥාතින් එක්ව ගින්න නිවා දැමිමට කටයුතු කලත් ඇදක් මත නිදා සිටි සිල්මාතාව මියගොස් සිටිය බව අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.

මෙම සිල් මාතාවගේ මරණය සිදුව ඇති ස්ථානයේ භුමිතෙල් බෝතල් කිහිපයක් හා භුමිතෙල් ලාම්පුවක කොටස්ද ඇති බව විමර්ශන සිදුකල පොලිස් නිලධාරින් පැවසිය.

භුමිතෙල් ලාම්පුවක් පෙරලිමෙන් ගින්න හට ගත්තේ දැයි වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මහේස්ත්‍රාත් පරිකෂණය අද(14) පැවැත් වීමට නියමිතයි.

Read more

Local News