දරුවන් පාසල් නොඑන හේතුව ?

Share

ආරක්ෂක අංශ විසින් රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදීත් තවදුරටත් මව්පියන් විසින් දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටින්නේ කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

අක්මීමන ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙන්ම අදාල නිලධාරින් ඇතුළුව යුද හමුදාපතිද ආරක්ෂාව තහවුරු කර තිබියදී මෙලෙස බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Read more

Local News