කොච්චිකඩේ බෝම්බකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්න නියෝග

Share

කොටහේන, කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් නමැත්තාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබේ.

මොහුගේ මරණයට අදාළ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ පවත්වා ඇති අතර එහිදී අලව්දීන් අහමඩ් මුවාත් නැමත්තාගේ මව, පියා ඇතුළු පවුලේ ඥාතීන් සාක්ෂි ලබාදුන් බව වාර්තාවෙයි.

මියගිය බෝම්බකරුගේ පියා වන මට්ටක්කුලිය, මධ්‍යම පාරේ පදිංචි අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැත්තා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ මියගිය  22 හැවිරිදි  තම පුත්‍රයා නීතිය පිලිබද මුලික අධ්‍යාපනය අවසන් කර නීති විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටි බවයි.

සයින්දමර්දු  ප්‍රදේශයේ පදිංචි සබීනා සෙනුල් ආබ්දීන් නමැති ඥාති දියණියක සමඟ ඔහු විවාහ වී සිටි බවත් පසුගිය අප්‍රේල් 14 වනදා  කල්මුණේ යන බව පවසා නිවසින් පිටත් වූ තම පුත්‍රයා මියයන තුරුම දුරකථන ඇමතුමක් හෝ තමන් වෙත ලබා නුදුන් බවත් සාක්ෂිකරු සදහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව මිය ගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් දෙදෙනෙකු ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් බව වාර්තාවෙයි

Read more

Local News