උතුරේ ආරක්ෂාව සඳහා පොලිසියට තවත් රථවාහන 14ක්

Share

වර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් උතුරු පළාතේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා තවත් රථවාහන 14 ක් පොලිසියට ලබාදීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්  මහතා පියවර ගෙන තිබේ.

ඒ, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එක් දිස්ත්‍රික්ලේකම් කාර්යාලයකට වාහන 2 බැගින් උතුරේ දිස්ත්‍රික් 5 සඳහා වාහන 10 ක් ලබා දී ඇති අතර, උතුරු පළාත් සභාවේ අමාත්‍යාංශ 4 ක වාහන 4ක්ද මේ වෙනුවෙන් සුදානම්කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තම තමන්ගේ ප්‍රදේශවල ආරෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපරිම සහයෝගය ලබා දෙන ලෙසයි.

Read more

Local News