මේ රටේ උපන් හැම ජාතිකයෙක්ම එකම මවකගේ දරුවන්

Share

මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කිරීමට සහාය වීම සැමදෙනාගේ වගකීම වන බව පූජ්‍ය පක්ෂය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් ද පෙන්වාදෙයි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විසින් පැවසූවේ කිසිම භේදයනින් තොර අපි සියලු දෙනා එක්සත්ව සිටිය යුතු බවයි.

එමෙන්ම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පෙන්වා දුන්නේ මේ රටේ උපන් හැම ජාතිකයෙක්ම එකම මවකගේ දරුවන් ලෙස ඉවසීමෙන් තටයුතු කළ යුතු බවයි.

මේ අතර ප්‍රවීණ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසා සිටියේ සියලු දෙනා සාමකාමීව හිටියොත් මේ ප්‍රශ්න විසඳා ගත හැකි බවයි.

එසේ නොවූවහොත් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන් විනාශ වන බවත් අපනයන, යෝජන, රැකියා වන සෑම දෙයක් සඳහාම මෙම තත්ත්වය බලපාන බව ප්‍රවීණ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News