2019 ඡන්දහිමි නාමලේඛනයේ ආකෘති පත්‍ර අද සිට බෙදාහරියි

Share

2019 වසර සදහා වන ඡන්දහිමි නාමලේඛන බී.සී ආකෘති පත්‍ර බෙදැහැරිමේ කටයුතු අද (15) සිට ආරම්භ වේ.

බී.සී ආකෘති පත්‍ර ලබන මස පළමු වනදා සිට එකතු කිරිමේ කටයුතු සිදු කිරිමට  නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කළේය.

මෙවර බී.සී ආකෘති පතුය සමග තවත් ලේඛනයක් ජනතාවට සම්පූර්ණ කිරිම සදහා ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

අවුරුදු 16ත් 18ත් අතර වයසේ පසුවන්නන් සම්බන්ධයෙන් එම ලේඛනයේ තොරතුරු ඇතුළත් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.

එමෙන්ම අදාල ලේඛනයේ ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු  ද ඇතුළත් කළ යුතුය.

ආබාධිත පුද්ගලයින් සදහා වන නිසි දත්ත පද්ධතියක් නොමැතිවිම හේතුවෙන් එම පියවර ගත් බව සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

මැතිවරණ පැවැත්වෙන අවස්ථාවලදී ආබාධිත පුද්ගලයින් සදහා ප්‍රවේශ පහසුකම් ලාබදීමට ඉන් හැකියාව ලැබෙනු ඇති බව සදහන්.

Read more

Local News