ප්‍රහාරයෙන් පසු පොදු ප්‍රවාහන සේවාවල ආදායම් පහළට ?

Share

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇතැයි ප්‍රවාහන බලධාරීහු පවසති.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 8ක් දක්වා 50%කින් පමණ අඩු වී ඇති බව ය.

සමාන්‍ය දිනක දුම්රිය දෙපාර්තමේන්තුව මිලියන 16ක පමණ ආදායමක් ලැබූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, ඊයේ දිනයේ ද මගීන්ගේ විශාල අඩුවක් වාර්තා වන බව ය.

මේ අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොශාන් චන්ද්‍රසිරි මහතා පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, පෞද්ගලික බස් රථවලින් ලැබෙන දෛනික ආදායම මිලියන 75ත් 80ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ය.

Read more

Local News