කඩාකප්පල්කාරි ක්‍රියා නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් සහය

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතින බව ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්ත මහතා පවසයි.

එසේම කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරන්නන් සම්බන්දයෙන් විමර්ශන කටයුතු සඳහා හෙලිකොප්ටර් යනා දිවා රාත්‍රී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මගින් කොළඹ, කටුනායක, රත්මලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සිගිරිය, මොරවැව, මිරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල් වල දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා ඇති බව ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News