මෝඩ වර්ගවාදී ආධිපත්‍යය පරදන්න විවෘත වෙන්න

Share

රටවල් අතර විවෘතභාවයක් ඇති කරගනිමින් මෝඩ වර්ගවාදී ආධිපත්‍යය පරජය කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජනපදය සමග ඇතිවී තිබෙන වෙළෙඳ අර්බුදය හමුවේ චීන ජනපති ෂී ජින්පිං පවසයි.

දෙරට අතර වෙළෙඳාමේ තීරු බදු ඉහළ දමමින් ඇති වී තිබෙන උණුසුම් තත්ත්වයෙන් පසුව ප්‍රසිද්ධ දේශනයකදී චීන ජනපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත්, මෙම අදහස් දැක්වීමේදී ෂී ජින්පිං එක්සත් ජනපදයේ නම සඳහන් නොකිරීමට වගබලාගත් අතර, චීනය විවෘත රටක් බව නොකියා කීවේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විවිධ ශිෂ්ටාචාරයන්ට දෛවයෙන් ගැටුමක් සඳහා නියමයක් නොමැති බවයි.

කිසිවෙකුගේ වාර්ගිකත්වය හෝ සංස්කෘතිය අතිශය උසස් ලෙස සිතීම සහ තවත් ශිෂ්ටාචාරයක් වෙනස් කිරීමට හෝ ඒ වෙනුවට වෙනත් ශිෂ්ටාචාරයන් බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කිරීම ඔවුන්ගේ තේරුම් ගැනීමේ මෝඩකමක් බවත්, එය ප්‍රායෝගිකව අතිශය විනාශකාරී එකක් බවත් චීන ජනපතිවරයා අවධාරණය කරයි.

ඔහු මෙසේ පවසා සිටියේ ආසියානු ශිෂ්ටාචාරය පිළිබඳව චීනයේ බීජිං නුවරදී පැවති සමුළුවක් අමතමිනි.

Read more

Local News