ආරක්ෂාව තහවරුකර තිබියදීත්, අසත්‍ය ප්‍රචාර පතුරවමින් පාසල්වලට දරුවන් පැමිණීම වැළැක්වීමට ඇතැම් ප්‍රධානීන් පවා කටයුතු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වෙමින්.
තවමත් කිසිදු දෙයක් කර නැතියි රජයට ඇතැමුන් චෝදනා කරන බව ද පැවසු ජනපතිවරයා, පාසල් දරුවන්ට පාසල් පැමිණෙන පැවසුවේ ඒ පිළිබඳ වගකීමක් ගෙන බව ද කියා සිටියේය.
එවැනි වගකීමක් නොගෙන කිසිවිටෙකත් පාසල් දරුවන් ලක්ෂ 40 කට පමණ පාසල් පැමිණෙන ලෙස ප්‍රකාශ නොකර බවත් පැවසු ජනාධිපතිවරයා, සමාජ වෙබ් අඩවි හා කීප දෙනෙකුගේ ප්‍රකාශ මත දරුවන් පාසල් නොඑවු බවත් පැවසීය.
නමුත් දරුවන් පාසල් යැවුවේ නැති වුණත් උපකාරක පන්ති පිරී ගොස් තිබු අයුරු දැක ගත හැකි වු බව ද පැවසු ජනාධිපතිවරයා, බුද්ධි අංශ හා හමුදාවන්ගෙන් ආරක්ෂාව ගැන සහතික කර ගැනීමෙන් අනතුරුව පාසල් ආරක්ෂිත නිසා පාසල් වෙත පැමිණෙන ලෙස පැවසු බව ද කියා සිටියේය.
ලෝකයේ කිසිදු ත්‍රස්ථවාදයක් ජයග්‍රහණය කර නොමැති බවත්, අසත්‍ය ප්‍රකාශ හා නොමඟ යැවීම් ගැන සැලකිලිමත් විය යුතු බවත් ජනපතිවරයා මෙහිදී පැවසීය.
තොරතුරු නොදන්නා ලෙස ඇතැමුන් කරන වැරදි ප්‍රකාශ හේතුවෙන් ද මෙවැනි තත්ත්වයන් ඇතිව තිබෙන බවත්, සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් විශාල කටයුතු ප්‍රමාණයක් තීන්දු කර ඇති බවත්, වැටුන ආර්ථිකය නැවත ගොඩ ගැනීමට විඳිමත් ක්‍රියාවලියක් සිදු කරන බව ද සඳහන් කළේය.