සෝදිසි කිරීම් වලදි ආරක්ෂක අංශ සීමාවක් තියාගන්න

Share

ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී කඩු හමුවීම පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අදහස් දැක්වීමක් සිදු කළේය.

කන්ටේනර් රථ 10කින් කඩු මෙරටට ගෙන්වා ඇති බවත් ඒ පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමු නොකළ බවටත් චෝදනා එල්ල කරන ඒ මහතා එක් මන්ත්‍රීවරයෙකු සතුව තිබු කඩුවක් පල්ලියේ පූජකවරයෙකු අතට දී ඇති අතර ඒ හැරුණු විට වෙනත් පල්ලියකින් කඩු හමු නොවු බව ඔහු ප්‍රකාශ කරයි.

හමුවු කඩු පල්ලිවලින් පමණක් හමුවු ඒවා නොවන බව ඔහු කියා සිටියි.

ඇතැම් පල්ලිවලට පොලීසිය හා හමුදාව කිහිප වතාවක් ගොස් සෝදිසි කිරීම් සිදුකර ඇති බව අසාද් සාලි මහතා පවසයි.

එසේ සෝදිසි කිරීම් සිදුකිරීමේදී ආරක්ෂක අංශ සීමාවක් තබා ගත යුතු බව ඒ මහතා කියා සිටියි.

එසේම ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කළ බව ඔහු කියා සිටියේය.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News