මංගල කිව්වේ එයාගේ පෞද්ගලික අදහස

Share

මෙරට තුළ අන්තවාදී මත පතුරන කණ්ඩායම් වහා නතර කළ යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ගම්පහ ඊයේ(19) පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යව්දීයෙකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙය සිංහල බෞද්ධ රටක් බව ද පැවසු අමාත්‍යවරයා මංගල සමරවීර මහතා බෞද්ධ රටක් නොවන බවට ප්‍රකාශ කළේ එතුමාගේ පෞද්ගලික මතවාදය බව ද සඳහන් කළේය.

ලංකාව තුළ සියයට 70 කට වඩා සිංහල බෞද්ධයින් ජීවත් වන බවත්, අරාබියෙන් පැමිණි වෙළඳුන් පවා අතීතයේ ලංකාවේ පැවති සංස්කෘතියට ගෞරව දැක්වු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෑත කාලීනව මුස්ලිම් සමාජයේ එක් කොට්ඨාශයක් සමඟ යම් ඝට්ඨනයක් ඇති ව තිබෙන බවත් පැවසු අමාත්‍යවරයා, එය සම්පූර්ණයෙන්ම නතර කර එක් සංස්කෘතියක් යටතට පැමිණිය යුතු බව ද පැවසීය.

ත්‍රස්ථ සංවිධානයේ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් කිහිප දෙනෙක් සිටින අතර ඔවුන් තවත් නොබෝ දිනකින් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News