මෝදිට ජය ලැබෙයිද ?

Share

ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බවට වාර්තා පළ වී තිබේ.

වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගෙන ඔවුන් යළිත් එරට බලයට පත්වනු ඇති බව ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේය.

සති 6 කට වැඩි කාලයක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණය පසුගියදා නිමාවට පත් විය.

ආසන 59 ක් වෙනුවෙන් අවසන් අදියරේ ඡන්ද විමසීම පැවැත්වුණ අතර එහිදී කෝටි 10ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියේ.

මැතිවරණ නිරික්ෂකයින් සඳහන් කරන්නේ ඉන්දීය මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බවයි.

මහ මැතිවරණයෙන් ඉන්දියාවේ ලෝක් සභාවට තෝරා පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව 573 ක් වන අතර ඉන් ආසන 272ක් හිමි කර ගන්නා පක්ෂයට හෝ සන්ධානයට රටේ ආණ්ඩු බලය හිමිවනු ඇති.

ඉන් ආසන 339 ත් 365ත් අතර ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය යළිත් බලයට පත්වනු ඇති බව නිරීක්ෂකයින් පවසන්නේය.

මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූයේ 2014 පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගනිමින්.

එහිදී  භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් දිනා ගත් අතර ඒ වසර 30 කට පසු ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් දිනූ වැඩිම ආසන සංඛ්‍යාවයි.

කෙසේ වෙතත් මැතිවරණ නිරීක්ෂකයින් පවසන ආකාරයට මෙවර ඔවුන් එම අගයද ඉක්මවා යනු ඇති.

අප්‍රේල් 11 වන දා ඇරඹි මහ මැතිවරණයේ අවසන් ජන්ද ප්‍රතිඵල එළඹෙන 23 වන දා නිකුත් කෙරෙන අතර ජයග්‍රහණය පිළිබඳව අගමැති මෝදිද  ඉහල බලාපොරොත්තු තබාගෙන සිටියි.

මැතිවරණය අවසන් වීමටත් පෙර  සිය ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය ඉදිරියට ගොස් පැවසීමටත් ඔහු කටයුතු කළේය.

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට නියමිතව ඇත්තේ එළඹෙන 23 වැනිදා වන අතර ඡන්ද ගණනය කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවති.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් එරට තුළ වූ වාර්තාවල පරස්පරතා දක්නට ලැබෙන බවයි වාර්තා වේ.

මේ හේතුවෙන් මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වන තුරු ඒ පිළිබඳව නිශ්චිතව කිසිවක් පැවසීමට නොහැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නේය.
 

Read more

Local News