තායිවානයේ සමලිංගික විවාහය නීතිගත කරයිද ?

Share

තායිවාන පාර්ලිමේන්තුව විසින් සමලිංගික විවාහය නීත්‍යනුකූල කළ ආසියාවේ ප්‍රථම රාජ්‍ය බවට පත්වීමත් සමග ඊට පක්ෂව මෙන්ම විරුද්ධවද එරට තුළින් ජනතා නැගිටීම් වාර්තා වෙයි.

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබුණත්, අවසානයේදී රජයේ පාර්ශ්වයෙන් පැමිණි සමලිංගික විවාහය පමණක් වූ කෙටුම්පත සම්මත විය.

මීට අමතරව, සමලිංගික සම්බන්ධතා සහ සමලිංගික පවුල් සම්බන්ධතා යන අර්ථ කථන ඔස්සේ ඉදිරිපත් කර තිබූ කෙටුම්පත් වීසිවී ගියේය.

ඒ අනුව, තායිවාන ජනපතිනිය විසින් මෙම තීන්දුවට නිල අත්සන යෙදීමත් සමග එය එරට තුළ නීතියක් බවට පත්වීමට නියමිතය.

2017 දී තායිවානයේ ව්‍යවස්ථා අධිකරණය මගින් සමලිංගික යුවළකට විවාහ වීමට නීතිමය අයිතියක් ඇති බව තීන්දු කිරීමත් සමග මෙම ක්‍රියාව කරළියට පැමිණි අතර, තායිවානය කෙරෙහි පවතින බටහිර බලපෑම් විශේෂයෙන්ම මෙවැනි අවසරයක් ලැබීමට හේතු වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, චීනය තුළ දැනටත් සමලිංගික විවාහයකට අවසර නොමැති අතර, චීනය සමග මතභේදයක පසුවන තායිවානය තුළ බටහිරකරණය ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම අවස්ථාව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

Read more

Local News