Tuesday, March 19, 2024.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද(21) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේය.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශ්වාසය බිද වැටී ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ විශ්වසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම තුළින් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍යවරයාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීම බවයි.

ආණ්ඩුවට එරෙහි ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සහය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වැරදිකළ පුද්ගලයින්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සාධාරණ වුව ද එය දේශපාලනික හෝ ජාතිවාදී අරමුණින් ඉදිරිපත් නොකළ යුතු බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News