සහරාන් මැරුණු බව DNA පරීක්ෂණයෙන් තහවුරුයි

Share

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම ඩී.එන්.ඒ. පරික්ෂණය සිදුකළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

මෙම පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව තිබේ.

Read more

Local News