මහින්දගේ දේශපාලනය බාලයි

Share

පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ පාසල්වලට කළ සංචාරය පිළිබඳව අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට බාලදේශපාලනයක නිරත වෙමින් සිටින බවයි.

පසුගිය 13 දා අනියත බෝම්බ බියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අදහස් දැක්වූ විපක්ෂනායකවරයා ඒ හරහා මහජනතාව තුළ තැතිගැන්මක් අතිකළ බවද සඳහන් කළේය.

එසේම තම නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ මංතීරු හතරම වසා ඇති බවත් අවම වශයෙන් එම මාර්ගය හෝ විවෘත නොකරන්නේ මන්දැයි ඔහු විපක්ෂ නායකවරයාගෙන් කරයි.

Read more

Local News