JVPය ගෙන එන දෝෂාභියෝගයට විරුද්ධයි

Share

රජයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට කිසිසේත්ම සහාය නොදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඊට සහාය නොදීමට සාකච්ඡා කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පැවැසුවේ  හේවාහැට, කිවුල්ළිඳ  පිහිටි ඒ මහතාගේ නිවසේ අද (21) පැවති  මාධ්‍ය හමුවකදීය.

රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද ඉදිරියට පැමිණ ඇති බවත් ඒ අතර  කවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා යන තරුණ මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද ත්‍රස්තවාදය හුරතල් කරන අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව කටයුතු කිරීමට ඉදිරිපත් වී හමාර බවද එස් බි දිසානායක මහතා පැවැසිය.

රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයක් සඳහා සහයෝගය දෙන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ කතෝලික සම්භවයක් සහිත මන්ත්‍රීවරුන්ද විශ්වාසභංග සඳහා සහයෝගය ලබා දෙන බව සඳහන් කර තිබෙන බවද ඔහු පැවසිය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ගෙන එන  විශ්වාසභංගය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව කරන්නක් බවත් ඒ සඳහා  අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජනතා විමුක්ති පෙරමුණු නායකයාට හොද හැටි සැලකුම් ලබාදී ඇතැයි කී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය පෝෂණය කරන, ත්‍රස්තවාදීන්ගේ මුදල්වලින් ධනවත් වුණු රිෂාඩ් බදුර්දීන්  අමාත්‍යවරයා එක්කෝ ඉල්ලා අස්විය යුතුයි, නැතිනම් ඔහුට එරෙහිව අපි කටයුතු කරන බවද එස් බි මහතා  පැවසීය.

බෙදී වෙන්වී යාමට සූදානම් වන එක්සත් ජාතික පක්ෂය එක ගොනුවකට ගැනීමට රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මලික් සමරවික්‍රම වැනි අයට අවශ්‍ය වී තිබෙනවා.

මේ සඳහා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර ගැනීමට සුදුසු වන ද අලූත් උපායක් වශයෙන් විශ්වාසභංගයන් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගැනීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් සහ කුඩා පක්ෂ යළි සමගි වන අතර අනෙක් අයට නිහඩ වී සිටීමට සිදුවෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News