බදියුදීන් ඉල්ලා අස්වෙයිද ?

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පවසන්නේ නම් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කැබිනට් මණ්ඩලයේදි සඳහන් කර තිබේ.

අමාත්‍යවරයාට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බද්යුදීන් මහතා විශ්වාසභංගයට ඉදිරිපත් කර ඇති චෝදනා වැරදි බවත් එයට විරෝධය දක්වන බවත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ පසු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර ප්‍රශ්නයක පැන නැගිම සම්බන්ධයෙන්ද තමන්ට එරෙහිව එජාපයේ මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පිළිබඳවද ඔහු සිය බලවත් විරෝධය එල්ල කර තිබේ.

කෙසේ වෙතත් බද්යුදීන් මහතාගේ ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.

Read more

Local News