අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා

Share

අද ජනතාවට දේශපාලනය එපා වි සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය  රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ  බන්ධනාගාරගතව සිටින  ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැහැදැකීමට ඊයේ (22) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ,

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ.

වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි.

අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. පාලක පක්ෂය පමණක් නෙමෙයි විපක්ෂයත් අද එකම බුරුසුවකින් පාට කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි අළුතින් සිතිය යුතුයි. වැඩ කරන්න බැරි අය කොහොමහරි එල්ලිලා ඉන්නවා. වැඩකරන අයව තමයි නැතිකරන්න හදන්නේ “යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News