බදියුදීන් ඉල්ලා අස්වෙයිද ?

Share

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

කොළඹ ඊයේ(22) පස්වරුවේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුට එරෙහිව චෝදනා ඇත්නම් ඔහු සිය තනතුරුවලින් ඉවත්වනු ඇති බවයි.

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව යම් චෝදනාවක් එල්ල වී ඇත් නම් අමාත්‍යවරයා විසින්ම ඉවත්වීම ගැන තිරණය යුතු බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මේ අතර අමාත්‍ය දයා ගමගේ මහතා පෙන්වා දෙන්නනේ අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා විසින්ම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගෙන ඇති බවයි

Read more

Local News