බ්‍රිතාන්‍ය සභානායක ඇන්ඩ්‍රියා ඉල්ලා අස්වෙයි

Share

බ්‍රිතාන්‍ය සභානායක ඇන්ඩ්‍රියා ලයිට්සොම් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊයේ (22) දිනයේ ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ බ්‍රික්සිට් යෝජනාවට විරෝධය පල කරමින් ඇය මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වි ඇති බව සඳහන්ය.

මේ අතර  බ්‍රිතාන්‍ය තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සිය ධුරවලින් ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News