මත්ස්‍යය පැටවු 25000ක් කාසල්රි ජලාශයට මුදා හරී

Share

නුවරඑලිය ජාතික ජලජජිවි වගා සංවර්ධන කාර්යාල යටතේ පාලනය වන නුවරඑලිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ජයන්ට් කාෆ්ට් වර්ගයේ මත්ස්‍යය පැටවු 25000ක් කාසල්රි ජලාශයේ ආරක්ෂිත දැල් කුඩු වලට මුදා හැර ඇත.

එම මත්ස්‍යය පැටුවුන් එම ජලාශයේ සවි කර තිබෙන ආරක්ෂිත දැල් කූඩුවක් මත මුදා හැර එම මත්ස්‍යය පැටවුන් දින 45ක කාලයක් ජලාශයට හුරු කර එම මත්ස්‍ය පැටවුන් මත්ස්‍යය ඇගිල්ලන් ලෙස වැඩුණු පසු ආරක්ෂිත දැල් කූඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හැරිමට නියමිතය.

මෙම මත්ස්‍යය පැටවුන් මාස 8 ක කාලයක් තුල කිලෝ 1 ½-2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බවත්, වසරක් වැනි කාලයක් තුල ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් මෙන් දස ගුණයකින් මෙම ජයන්ට් කාෆ්ට් මත්ස්‍යයින් බෝ වන බව ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමීමටත්, ඔවුන්ට අඩු මිලකට මිරිදි මසුන් ලබා දීමටත් කාසල්රි ජලාශයේ ධීවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමිමේ අරමුණින්, කාසල්රි ජලාශයට මේ වන විට මත්ස්‍යය පැටවන් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බව ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් ජාතික ජලජ ජීවි ව්‍යාප්ති නිලධාරි චන්දන ජගත් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Read more

Local News