ධම්මික පෙරේරා ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙයිද ?

Share

2020 ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසා සිටියි.

ඔහු මේ බව පැවසුවේ, කොළඹදී ඊයේ (21) පස්වරුවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ වන විට ජනතාව දැනුවත්භායයෙන් පසුවන බවත් ඉදිරියට ජනතාව නොමඟ යැවිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඉදිරියට රට සංවර්ධනය කරන විසඳුම් වලින් මිස කිසිවෙකුට ඉදිරියට පැමිණිය නොහැකි බවත් ජනතා දැනුවත්භාවය තුළින් රටේ ඉදිරි අනාගතය ඉතා හොඳ විය හැකි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යූගත කිරීම පිළිබඳව පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා ලෙසින් වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා එක්විය.

Read more

Local News