පාර්ලිමේන්තු අවසර පත්‍ර ලග තබාගත් තරුණයා යළි රිමාන්ඩ්

Share

පසුගිය දා බලන්ගොඩ දී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයා අද(24) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 06 දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බලන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේදී පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ දල සැලැස්මක්, පාර්ලිමේන්තු අවසර පත්‍ර 06ක් සහ කැබ් රථයක් සමඟ මෙම තරුණයා පසුගිය අප්‍රේල් මස 2

බලන්ගොඩ පොලීසිය ලද තොරතුරක් මත අදාල නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර එම නිවසේ තිබී ටැබ් පරිඝනකයක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 13ක්, ටී 56 ජීව උණ්ඩ 02ක්, ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක් ද සොයාගෙන ඇති බව සඳහන්ය.

පුපුරණ ද්‍රව්‍ය තිබේද යන්න සම්බන්ධයෙන් අදාල නිවස සහ පොලිස් බාරයට ගැණුනු කැබ් රථය ද ටෝගා නමැති සුනඛයා ලවා පරීක්ෂාවට ලක් කිරීමට බලන්ගොඩ පොලීසිය කටයුතු කර ඇත.

කැබ් රථයේ හිමිකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණයා පසුගිය (25) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදි අධිකරණය විසින් අද දිනය දක්වා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බළන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමේ දී එම නිවසේ තිබී උපකරණ රැසක් සොයා ගෙන තිබේ.

Read more

Local News