අසාන්ජ්ට එරෙහිව චෝදනා 17ක් යටතේ නඩු පවරයි

Share

විකිලීක්ස් සම නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව චෝදනා 17ක් යටතේ නඩු පැවරීමට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ සංවේදී තොරතුරු හෙළි කිරීම ඔහුට එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනාව බව ය.

වසර 7ක් පමණ කාලයක් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටි ජූලියන් අසාන්ජ් පසුගියදා බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ ය.

ජූලියන් අසාන්ජ්ව තම රටට භාර දෙන්නැයි ඔහුව අත්අඩංගුවට ගත් මොහොතේම අමෙරිකානු රජය ඉල්ලීමක් කළ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

නමුත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මේ වන තුරු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Read more

Local News