ජනපති ගිය ගුවන් යානය කඩා වැටුණු බවට ෆේස්බුක්හි ප්‍රචාරය කළ සිසුවාට ඇප

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

අදාළ සිසුවා අද(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝග ලබා දි තිබේ.

අදාළ සිසුවා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ජුනි 27වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරික්ෂණයකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු පසුගිය 15 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබුවේය.

එලෙස අත්අඩංගුවට ගත් අදාළ සැකකාර විශ්වවිද්‍යාල සිසුවා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අදාළ සිසුවා පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News