තේ මිල තව වැඩි කරයිද ?

Share

2015 මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි තේ සඳහා රුපියල් 80ක සහතික මිලක් ලබාදී අද වන විට තේ කිලෝවක් සඳහා රුපියල් සියයක ආසන්න මුදලක් ලබා දී ඇති බව වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එය තවත් ඉහළ නැංවීම සම්බන්ධ ආයතන විධිමත් කිරීම තුළින් හැකි හැකියාවක් ඇති හෙයින් විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු සාගල රත්නායක මහතා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කලේ කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන ඵලදායිතාවය හා වෙළඳපොළ වැඩිදියුණු කිරීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ දොළොස්ලක්ෂ හැට පන්දාහක වියදමින් සංවර්ධනය කළ ඌරාපොළ කන්ද මාර්ගය ජනතා අයිතියට ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා,

“තේ කර්මාන්තය තමයි අපේ ප්‍රධාන ආර්ථික මාර්ගය.

2015 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාලයේදී තේ කර්මාන්තය මාතෘකාවක් කරගත්තා.

ඒ කාලයේ දළු කිලෝ එකකට හම්බ වුණේ පනහත්-හැටත් අතර මුදලක්. අපි කිව්වා අපිට මේක සියය පන්නලා දෙන්න පුළුවන්.

ඒ වනතුරු රුපියල් අසුවක ස්ථාවර මිලක් දෙන්න පොරොන්දු වුනා. ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුණා.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයෙන් අපි කියපු දේ කරන්න පටන් ගත්තා.

රුපියල් අසුවක ස්ථාවර මිලක් දෙන්න පටන්ගත්තා. සමාරම්භක උත්සවය පැවැත්වුනේ කිරිඇල්ල ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළුබෝවිටියන තේ කර්මාන්තශාලාවේ.

අපි ඒ වැඩසටහන පටන්ගත්තා. මාස හතරක් අපි ස්ථාවර මිල දෙන්න ඇති. කිව්වා වගේම අසුවේ මිල පහුකරගෙන. ස්ථාවර මිලක් අවශ්‍ය වුණේ නැහැ. රුපියල් සියයක් දක්වා මිල ඉහල ගියා.

අපි බලාපොරොත්තු වුනා ඊටත් වඩා ඉහළ යන්න පුළුවන් කියලා.

කුඩා තේ වතු සංවර්ධන අමාත්‍යංශයෙන් අනන්ත අප්‍රමාණවෙහෙසක් දරනවා මේ කුඩා තේ වතු හිමියන්ගේ වගාවල් හොඳ තත්ත්වයකට ගන්න.

කණගාටුයි කියන්න එකේ අනිත් පැත්ත තේ මණ්ඩලයෙන් වෙන්න ඕන වැඩකටයුතු ප්‍රවර්ධන වැඩකටයුතු සිද්ද වෙලා නැහැ.

ඒක වුණානම් මීට වඩා හොඳ වෙළඳපොලක් තියෙනවා මීට වඩා හොඳ මිලක් තියෙනවා.

අද රුපියල අවප්‍රමාණය වීමේ වාසිය නිසා අපි තවම රුපියල් සියයට එහා ඉන්නවා.

නමුත් අර මුලින් ගිය ගැම්මෙන් ඉදිරියට යන්න නෑ මිල වැඩිවීමේදී.

තව ටිකක් මේක වැඩි කරන්න පුළුවන් තේ මණ්ඩලය උනන්දු වුණොත්.

ඉල්ලීමක් කරමු වැවිලි කර්මාන්ත ඇමතිතුමාගෙන් තේ මණ්ඩලයේ නිලධාරිනුත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වගේ උනන්දු කරවන්න කියලා.

මේ නිලධාරීන් වැඩ කරන විදියට ඒ අයත් වැඩ කළොත් ඵලදාව වැඩිවෙනකොට අපේ තේ මිල තවත් වැඩිවෙන්න පුළුවන්.

එක අපේ ප්‍රධාන ආර්ථික මාර්ගයක්. ශතක දෙකකට අධික කාලයක් රටේ ආර්ථිකයට විශාල හයියක් දීල තියෙනවා. අපි අලුත් ආර්ථික මාර්ග ඇතිකරන්න ඕන.

ඒ අතරතුර මේ ආදායම් මාර්ග වැඩිදියුණු කරන්න ඕන.” යනුවෙන් පැවසීය.

Read more

Local News