Tuesday, March 19, 2024.

නීති විරෝධි මද්‍රාසා පාසල් වහාම තහනම් කළ යුතුයි

Share

නීති විරෝධිව ආරම්භ කර ඇති මද්‍රාසා පාසල් වහාම තහනම් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

සියලුම දරුවන්නට අධ්‍යාපනය ලබාදීමේ සම්පූර්ණ වගකීම රජය සතු වගකීමක් බව මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර ප්‍රකෘර්ත පාඨශාල පනත යටතේ අවුරුදු 5ත් 14 අතර දරුවෙකුට අධ්‍යාපනය ලබාදීම සඳහා පාඨශාලවක් පවත්වා ගෙන යාමේ අයිතිය රජයට පමණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම පණත යටතේ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයට පාඨශාලාවක් පවත්වා ගෙන යා නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ නීති විරෝධිව ආරම්භ කර ඇති මද්‍රාසා පාසල් සහ ආරබි පාසල් වහාම තහනම් කළ යුතු බවයි.

Read more

Local News