දැඩි මාධ්‍ය මර්දනයකට පාර කැපීම කාගේ අරමුණක්ද ?

Share

අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර්දීන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් ද යන්න රට හමුවේ මතුව ඇති සැකයක් බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්වරයා මේ බව සඳහන් කලේය.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්‍ෂයෙහි ප‍්‍රබලයකු වන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් එක්සත් ජාතික පෙරමුණෙන් 2015 මහ මැතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ පසු නැවත කුරුණැගල මහ රෝහලටම පත් කිරීමට අදාළ කැබිනට් පත‍්‍රකාව පවා ඉදිරිපත් කළේ බදුර්දීන් ඇමතිවරයා විසින් බව ඒ මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා සහ වෛද්‍යවරයා අතර පවතින දැඩි හිතවත්කම මතඅමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා උපයාගත් අයථා වත්කම් සඟවා තිබුණේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද, යන බරපතළ සැකය රට හමුවෙහි මතුවීම පහසුවෙන් බැහැර කළ නොහැකි බවත් ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මංගල සමරවීර, අනුර දිසානායක වැනි ඇමතිවරුන් අද මෙවැනි අනාවරණයක් සිදු කරන මාධ්‍ය ආයතන වෙත චෝදනා කරමින් සත්‍ය වසන් කරන බවත් අවසානයේදී දැඩි මාධ්‍ය මර්දනයකට පාර කැපීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මෙහිදී මුසම්මිල් මහතා සඳහන් කළේය.

Read more

Local News