ආයුධවලට වඩා භයානක දෙයක් ගැන හඳුන්නෙත්ති කියයි

Share

අද වනවිට පාර්ලිමේන්තුවෙන් ඇසෙන්නේ ජාතිවාදයේ හඬ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මාතර නුපේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දේශපාලඥයින් අද බොර දියේ මාළු බාමින් දේශපාලනයේ නිරත වෙන බව ද පැවසු හඳුන්නෙත්ති මහතා, අනාගතයේ ජනාධිපතිවරණයේ දී රට කියන්න දෙයක් නොමැති අය අද වන විට පහසු පාරක් සොයමින් ජාතිවාදී ලෙස ආගම් පාවිච්චි කරමින් මිනිසුන් බිලි බාගමින් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ඊට කලින් මෙම දේශපාලනය පාර්ලිමේන්තුව ද බිලි බා ගැනීමේ උත්සහයක නියැලෙන බව පවසන හඳුන්නෙත්ති මහතා, ඒ සඳහා ජාතිවාදය යොදා ගනිමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

මිනිසුන් ගහ ගැනීම නොකල යුතු වුවත් පාර්ලිමේන්තුව තුළ 225 දෙනාම ගහ ගත්තද එය ගැටළුවක් නොවන බව ජනතාවම පැවසිය යුතු කරුණක් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව තුළින් ජාතිවාදී වෙයල්ලා යන හඬ එළියට එමින් පවතින බව ද පැවසු හඳුන්නෙත්ති මහතා, එය ජනප්‍රිය කල හැකි කාරණයක් බව ද පැවසීය.

මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පැවසු ඔහු, දෙමළ භාෂාව කථා කරන මහජන නියෝජිතයින්ට පාර්ලිමේන්තුවේ දොර වහලා ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නැති කරලා, කරනු ලැබූ ඓතිහාසික වැරුද්ද නැවත වතාවක් මේ රට තුළ සිදුවිය යුතු නොවන බවද ප්‍රකාශ කළේය.

මරාගෙන මැරෙන සමාජයක් තුළින් එය අවසන් වු බවත්, නැවත වතාවක් අප සිදු කරන්නේ එවැනි දෙයක් යැයි පැවසු හඳුන්නෙත්ති මහතා, මතවාද ආයුධවලට වඩා භයානක තත්ත්වයක් බව ද කියා සිටියේය.

Read more

Local News