විශ‍්‍රාම යන වයස් සීමාව ඉහළ යයිද ?

Share

දැනට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 සහ ඉහළ වයස් කාණ්ඩයට අයත් ජනගහනය මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් 12.45% ක් බවත්, මෙය අනෙකුත් දකුණු ආසියාතික රටවල්වලට සාපේක්ෂව මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් සඳහා ද සාපේක්ෂව ඉහළ අගයයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව පෙන්වා දේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනගහනය ආර්ථික කටයුතුවල දිගු කාලයක් නිරත කරවීම සඳහා, ක‍්‍රමික විශ‍්‍රාම ගැන්වීම (phased retirement), විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීම සහ කුසලතා වැඩි දියුණු කිරීම යනාදියට අදාළ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ යුතු බවයි.

මහ බැංකු වාර්තාව පවසන පරිදි පසුගිය වසර ගණනාව පුරා වයස් සංයුතියෙහි සිදුවන මෙම ව්‍යුහාත්මක වෙනස සඳහා අඩු මරණ අනුපාතික සහ ජාත්‍යන්තර ශ‍්‍රම සංක‍්‍රමණ ප‍්‍රවණතා හේතු වී ඇත.

මූලික වශයෙන් ඵලදායිතාව අඩුවීම, ශ‍්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය අඩුවීම, පරිභෝජන අනුපාතික අඩුවීම, ඉතුරු කිරීම් අඩුවීම, වයස්ගත යැපුම් අනුපාතය වැඩිවීම සහ සමාජ සුභසාධනය හා සෞඛ්‍ය සඳහා රජයේ වියදම් වැඩිවීම යන ආකාරවලින් වයස්ගත ජනගහන සංසිද්ධිය, ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි අභියෝගාත්මක බලපෑම් එල්ල කරනු ලබයි.

Read more

Local News