මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල් අහෝසි වෙයිද ?

Share

මධ්‍යම පළාත් අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීම දේශපාලනික විය යුතු අතර, එය දෙපාර්තමේන්තු හෝ අධිකාරි මට්ටමෙන් සිදු කර ඵලක් නොමැති බවත්,මධ්‍යම පළාත් දෙමළ මාධ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය නැති කිරිමට සිය විරෝධය පළ කරන බවත්, අමාත්‍ය වී.රාධාක්‍රිෂ්නන් පවසයි.

අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේ, හැටන් නගරයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

” දැනට අපිට ආරංචි ලැබිලා තියෙනවා, මධ්‍යම පළාත් සභාවේ දෙමළ මාධ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය අහෝසි කරන්න යනවා කියලා.

ඒ අමාත්‍යාංශය ඒකාබද්ධ කරන්න ඕන කියලා විවිධ ආයතන ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා කියලාත්.

ඒ සම්බන්ධව විගනකාධිපති ලිපියක් මඟින්ද දන්වා තිබෙනවා. ඒම යෝජනාව සම්බන්ධයෙන් අපි විරෝධතාව ප්‍රකාශ කරනවා.

මේ අමාත්‍යාංශය 1988 ඉන්දිය ලංකා ගිවිසුම ගෙනාවට පස්සේ මාධ්‍ය,ඌව හා සබරගමුව පළාත්වල දෙමළ මාධ්‍ය අධ්‍යයනය දියුණු කිරිම සඳහා ඇති කලේ.

දැනට සබරගමුව නැතත් මධ්‍යම , ඌව පළාත්වල දෙමළ මාධ්‍යය අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙනවා.ඒ මඟින් තමයි දෙමළ අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන්.දෙමළ ගුරුවරුන්ගේ ප්‍රශ්න අඳුන ගන්න පුළුවන් වෙන්නේ.

කලින් තිබුන අමාත්‍යාංශය අහෝසි කරන්න හොඳ නෑ.මම දැනුත් කියන්නේ ඒකාබද්ධ අධ්‍යාපනයක් තිබිය යුතුයි.ඒක අද හෙට කරන්න බෑ.දැන් දෙමළ මාධ්‍ය ළමයකුට සිංහල පාසලක ඉගෙන ගන්නත්.සිංහල ළමයෙකුට දෙමළ පාසලක ඉගන ගන්නත් බෑ.

තෛයිභාෂා උගන්නන්න ඉංග්‍රිසියෙන් උගන්වන්න ගුරුවරුන් ඉන්නවද?ඒවට කල් යනවා.එතකල් දැනට පටන් ගන්න සියලූම පාසල් තෛයිභාෂාවලින් ආරම්භ කරන්න ඕන.

එවගේම ඒකාබද්ධ අමාත්‍යාංශය ඇති කරන්න පුළුවන් ඒක දේශපාලඥයන් තිරණය කරන ඕන.අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ අධිකාරිය මට්ටමෙන් තීරණය කරන්න හොඳනෑ.

දේශපාලන තිරණයක් වෙන්න ඕන.ඉදිරියෙදි පළාත් සභා ඡන්දය තියෙනවනම් පළාත් සභා අරමතිවරු පත් කරන වෙලවට අපි අනිවාර්යයෙන් දෙමළ මාධ්‍ය අධ්‍යාපන ඇමති තනතුර ඉල්ලා සිටිනවා.එම අමාත්‍යාංශය තිබුනොත් තමයී අපිට ඉල්ලන්න පුළුවන්.”

Read more

Local News