රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමියන්ගෙන් පාඨලීට සම්මානයක්

Share

රට දැය, සමය වෙනුවෙන් සිදුකරන මෙහෙවර අගයමින් , රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමියන් විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සම්මානයක් පිරි නමා ඇත.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, ති‍්‍රපිටක විශාරද අතිපූජ්‍ය නාපාන පෙමසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ශාසනාලෝකය පතා, මෙත් සිත් පූර්වකව, දේශාභිමානයෙන්, ජාතිකානුරාගයෙන් සහ ශාසන දයාවෙන් පෙර රජවරුනට සමව නව චින්තනයෙන් හා දර්ශනයෙන් දූරදර්ශීව කටයුතු කරන බවට ලිඛිත සටහන් තබමින් මෙම මෙම සම්මානය අමාත්‍යවරයාට පිරි නමා තිබේ.

සියළු අභියෝග ජයගෙන රට දැය සමය වෙනුවෙන් අමරණීය මෙහෙවරක් සිදු කිරීමට අනන්තබල ඇති තෙරුවන් සරණ හා දේව රැකවරණය ලැබේවා යැයි මෙහිදි ප‍්‍රාර්ථනා කර ඇත.

මහනුවර මැණික්හින්න හුරිකඩුව ශී‍්‍ර විද්‍යාසාගර මහා පිරිවෙණ් විහාරයේදී ඊයේ (27) සන්ධ්‍යාවේදී මෙම විශේෂ ඇගයීම් සම්මානය පිරිනමණ ලදි.

Read more

Local News